වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.Sri Lanka Latest News
සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් ඉදිරිපත් කරනු ලැබුවේ ලුණු ආනයනයේ දී වංචාවක් සිදුව ඇති බව පවසමින්.
එහිදී සිවිල් සංවිධාන නියෝජිතයින් පවසා සිටියේ රුපියල් 75 කට ආසන්න මිලකට ආනයන කළ ලුණු කිලෝවක් මේ වනවිට වෙළඳපොළේ රුපියල් 320ක් වැනි මිලකට අලෙවි කරන බවයි.
ඒ, අනුව ලුණු ආනයන තුළින් රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවයි එම සංවිධාන වැඩිදුරටත් පැවසුවේ










