කාලයක් තිස්සේ රජරට අලි ඇතුන්ගේ රජදහනක්ව පැවැති කලාවැව ආශ්‍රිත පරිසර පද්ධතිය පසුගිය දශකයේ සිට දැඩි පාරිසරික තර්ජනවලට ලක්විය. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ තර්ජන මෙන්ම ස්වභාවික හේතු නිසා ඇතිවූ තර්ජනද ඒ අතර වේ. කලාවැව පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වූ ජපන්ජබර ශාකයද මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේ හේතුවෙන් වියළි කාලයේදී කලාවැව පරිසර පද්ධතිය තුළ තෘණ භූමි ඇතිවීමට දැඩි බලපෑමක් ඇතිවූ අතර, කලා වැව නිජ භූමිය කරගත් සහ කලාවැව උද්‍යානයට සංක්‍රමණය වන සිය ගණනක් අලි ඇතුන්ට උරුමව තිබූ ප්‍රධානතම ආහාර ප්‍රභවය අහිමි වීමේ හේතුව නිසා වන අලි කණ්ඩායම් වශයෙන් ගම් වැදීම ආරම්භ වූ අතර, මේ වනවිට මෙම අලි-මිනිස් ගැටුම උච්චතම අවස්ථාවට පත්ව ඇත්තේ කලාවැව ආශ්‍රිතව ජීවත් වූ සියලු සද්දන්ත දළ ඇතුන් පාහේ අපට අහිමි කරමිනි.Sri Lanka Latest News
නැවතත් කලාවැව් පිටිය තුළ වළගම්බා, රේවත, බරණ , දීඝ 1, දීඝ 2 සහ නීල වැනි සන්දන්තයන්ගෙන් සැදුම්ලත් වන අලි රංචු අපගේ මතු පරම්පරාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දෙනු පිණිස මෙම ආක්‍රමණශීලි ශාකය කලාවැව පරිසර පද්ධතියෙන් මුළුමනින්ම ඉවත් කිරීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. මේ සඳහා සිවිල් සංවිධාන මෙන්ම වගකිවයුතු සියලු රාජ්‍ය ආයතනවල අවසරය, අනුබලය සහ සහයෝගය දැනටමත් ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 5, 6 සහ 7 දිනයන්හිදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, එය පහත ආයතන හා සංවිධානවල ඍජු මැදිහත් වීමෙන් සිදුකිරීමට සැලසුම් කොට ඇත.
■ ක්‍කැ්බ ීරස ක්බන් කාර්යාලය
■ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
■ මහවැලි අධිකාරිය
■ ත්‍රිවිධ හමුදාව
■ උසකා ඔමිනැරි ීරස ඛ්බන්
■ ප්‍රදේශීය පළාත් පාලන ආයතන
මෙහිදී ප්‍රධානකොටම ජපන්ජබර ශාක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කොන්දේසිවලට අදාළව කිසිදු යන්ත්‍රයක් භාවිත නොකර මිනිස් ශ්‍රමය පමණක් භාවිත කොට පරිසර පද්ධතියට අවම හානියක් වන පරිදි මුළුමනින්ම ඉවත් කිරීමට සැලසුම්කර ඇත.
මේ සඳහා අලි ඇතුන්ට ආදරය කරන පරිසරයට හිතැති ඔබගේ ගෞරවනීය සහයෝගය බලාපොරොත්තු වෙමු.

සමන් හල්ලොලුව










