ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සංකීර්ණය වසර 42 කට පසු මහාපරිමාණයේ ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරනුයේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
යෝජිත අලුත්වැඩියා වැඩපිළිවෙළට අනුව වෛද්‍ය මධ්‍යස්ථානය, වැසිකිළි පද්ධතිය, මන්ත්‍රීවරුන්ගේ විවේකාගාර, වැහිපිහිලි මෙන්ම තඹ දොරවල් යනාදිය ප්‍රතිසංස්කරණයකට ලක්කෙරෙන අතර, මෙයට පෙර පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතු පාර්ලිමේන්තු ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදුකළද, මෙය මහාපරිමාණයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බැවින්, එය ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකරනු ලබන බවද, දැනටමත් එම නඩත්තු කටයුතු අරඹා ඇති බවද හෙතෙම කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










