පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකු අනතුරකට ලක්ව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. (Sri Lanka Latest News)
වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ධාවනය වූ පාන් ලොරියක ඉදිරිපස පැති දොර එකවරම ගැලවී ගොස් පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ ගැටී අනතුර සිදුව ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ගගන කාවින්ද නම් දරුවෙකි.
dasathalankanews










