හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත. Sri Lanka Latest News
හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෑරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම මහතා පවසයි.
මුහුදු මට්ටමේ සිට මිටර් 17 ක් ගැඹුරක් ඇති වරාය දැනට තැනින් තැන රොන් මඩ තැන්පත් වි ඇති හෙයින් අදාළ ප්‍රමිතියෙන් වරාය පවත්වාගෙන යෑම හා ආරක්ෂක ප්‍රමිතින්ට අනුකුල වන සේ අදාල ගැඹුර පවත්වාගෙන යෑමට ගැඹුරු කිරිම සිදුකරන බවද ප්‍රධාන නිළධාරි වරයා සඳහන් කලේය.
භාණ්ඩ හා සේවා නෞකාද මගී නෞකාද වැඩි වශයෙන් හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දුවන නිසා අදාල ගැඹුර වරායේ සැම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපාතියේ අරමුණවේ.










