රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2025 වර්ෂයේ නිලවරණය පසුගිය ජුනි මස 28 වන සෙනසුරාදා පැවැත්විණ. Sri Lanka Latest News
එහි දී විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් (සභාපති) සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ (ලේකම්) නායකත්වයෙන් යුත් කණ්ඩායම සමාජිකයින්ගේ අතිමහත් බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
එම කණ්ඩායමෙන් විධායක සභාවට සහ මධ්‍යම කාරක සභාවට තරග කළ සියලු ම සාමාජිකයින් ද අතිමහත් බහුතර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ අතර, ප්‍රතිපාර්ශ්වය ලෙස තරග කර පරාජයට පත් වූ වෛද්‍ය හරිත අලුත්ගේ සහ වෛද්‍ය දර්ශන සිරිසේනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ කිසිදු සාමාජිකයකු විධායක සභාවට හෝ මධ්‍යම කාරක සභාවට තේරී පත්වීමට අසමත් වී ඇත.
නිලවරණයෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.
අපි නිර්දේශපාලනික සංවිධානයක්…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිර්දේශපාලනික සංවිධානයක් වන අතර, බාහිර හෝ අභ්‍යන්තර කණ්ඩායම් සංගමය දේශපාලනීකරණය කිරීමට සූදානම් වන ඕනෑම අවස්ථාවක, සමස්ත සාමාජිකත්වය ඊට එරෙහිව ඉතිහාසය පුරා එක්ව සිටගත් අතර, මෙවර නිලවරණයේ දී අනෙක් කණ්ඩායමට සමාජිකත්වය විසින් අත්කර දුන් පරාජය හරහා ලබා දෙන පණිවිඩය වනුයේ ද, දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරදැරිව සංගමයේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරන සියලු පාර්ශවවලට එරෙහිව සමස්ත සමාජිකත්වය කොන්දේසි විරහිතව කටයුතු කරන බවයි.
ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාවේ දැවැන්තම වෘත්තිය සමිතිය
* අභිනව විධායක සභාව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිර්දේශපාලනික ස්ථාවරය වඩා ශක්තිමත්ව ඉදිරියටත් ආරක්ෂා කිරීමට කැපවෙනු ඇත.
* මීට අමතරව වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් සේ සලකා, ඒ වෙනුවෙන් පෙනී සිටින අතර, වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය, වෘත්තීය ගරුත්වය, සුභසාධනය ආදී කරුණුවල ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කරනු ඇත.
* එමෙන්ම අභියෝග ගණනාවකට මුහුණ දී ඇති මෙරට නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය සහ වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු දායකත්වය සහ සහයෝගය ලබාදීමට ද කටයුතු කරනු ඇත.
ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාවේ දැවැන්තම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව, අනාගත සියලු අභියෝග මධ්‍යයේ වුව ද, වෛද්‍ය වෘත්තිය සහ සංගමයේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්කරගනිමින්, වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය ප්‍රජාව සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමුඛතා හඳුනාගනිමින් සෘජුව සහ සක්‍රියව මැදිහත් වනු ඇත.
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස – ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුව
වෛද්‍ය චමිල් විජේසිංහ (මාධ්‍ය ප්‍රකාශක)
වෛද්‍ය පාලිත රාජපක්ෂ
වෛද්‍ය අජන්ත රාජකරුණා
වෛද්‍ය වසන්ත වීරසූරිය ආරච්චි
වෛද්‍ය හංසමාල් වීරසුරිය
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ
වෛද්‍ය චාරුනි කොහොඹන්ගේ
වෛද්‍ය අන්ෆාස් ෆාරූක්
වෛද්‍ය ආර්. තනිගවාසන්
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
වෛද්‍ය සංජීව තල්ගහගොඩ
විධායක සභාව
සභාපති – විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්
ලේකම් – වෛද්‍ය ප්‍රභාත් සුගතදාස
උප සභාපතිවරු –
විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව
විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක
විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ
වෛද්‍ය චාමින්ද ගුණතිලක
සහකාර ලේකම්වරුන් –
වෛද්‍ය පාලිත රාජපක්ෂ
වෛද්‍ය සම්පත් අතපත්තු
වෛද්‍ය චමිල් විජේසිංහ
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ
වෛද්‍ය හංසමාල් වීරසූරිය
වෛද්‍ය ශෂික විතානගේ
භාණ්ඩාගාරික – වෛද්‍ය පේෂල මොහොට්ටාල
සංස්කාරක – වෛද්‍ය පුබුදු චූලසිරි
සහකාර සංස්කාරකවරු –
වෛද්‍ය චාරුනි කොහොඹන්ගේ
වෛද්‍ය තිලිණ දම්සිරි
මධ්‍යම කාරක සභාව
වෛද්‍ය චන්දන ධර්මරත්න
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
වෛද්‍ය චනිත් පේදුරුආරච්චි
වෛද්‍ය පබසරා ලංකේෂ්වර
වෛද්‍ය ලසිත ධම්මික
වෛද්‍ය චරිත ගාල්ලගේ
වෛද්‍ය සංජය එදිරිසිංහ
වෛද්‍ය ජාලිය කුමාරසිංහ
වෛද්‍ය නිරෝෂන ලියනගේ
විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ කලඹආරච්චි
වෛද්‍ය හර්ෂ දසනායක
විශේෂඥ වෛද්‍ය ඒ. ලතාහරන්
වෛද්‍ය නුවන් මදුසංක කලුතොට
විශේෂඥ වෛද්‍ය නන්දන කුමාර ජයතිලක
වෛද්‍ය සුහයිල් අහමඩ්
වෛද්‍ය සජිත් නෙරංජන් ගුණතිලක
වෛද්‍ය පූර්ණක රලීන් කුරේරා
වෛද්‍ය ලසන්ත කරුණාතිලක
වෛද්‍ය රංජන් ගනේගම
වෛද්‍ය චන්දිම පෙරේරා
වෛද්‍ය රගීෂ් මදුසංක වෙල්ලාලගේ
වෛද්‍ය චරිත් විජේවර්ධන
වෛද්‍ය චින්තක සමරජීව
වෛද්‍ය අමිල වීරරත්න
වෛද්‍ය සංජීව තල්ගහගොඩ
වෛද්‍ය හේෂාන් විදානපතිරණ
වෛද්‍ය පවිත්‍ර නවරත්න
වෛද්‍ය කුලේන්ද්‍රනාත් ප්‍රේමදාස
වෛද්‍ය අජන්ත රාජකරුණා
වෛද්‍ය ආර්. තනිගවාසන්
වෛද්‍ය කන්චිත තත්සර සමරරත්න
වෛද්‍ය නිර්මල වත්තුහේවා
වෛද්‍ය විහාරි විචක්ෂණා රාජගුරු
වෛද්‍ය සංඛ ජයනාත් විතානගේ
වෛද්‍ය ත්‍යාගරාජා තවනේසන්
විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක
වෛද්‍ය උදය සමරසිංහ
වෛද්‍ය එස්. තිරුවේකරන්
වෛද්‍ය අන්ෆාස් ෆාරුක්
වෛද්‍ය ඉලංගෝවන් සෙන්දුරන්
theleader.lk










