සමගි ජන බලවේගයේ අනුරාධපුර කණ්ඩායම් නායක රෝහණ බණ්ඩාර මහතා දේශපාලන කටයුතුවලින් ඉවත් වූ බවට ඇතැම් සමාජ මාධ්‍ය පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.Sri Lanka Latest News
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා සදහන් කොට ඇත්තේ අසත්‍ය තොරතුරුවලට කලබල නොවන ලෙසත්, පක්ෂය සහ පාක්ෂිකයන් සමග දිවි ඇති තෙක් රැදී සිටින බවත්ය.
අද දින ඇතැම් වෙබ් අඩවි පළ කොට තිබුණේ පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් රෝහණ බණ්ඩාර මහතා පක්ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව ඇති බවකි.










