සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. (Sri Lanka Latest News)
රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඊයේ (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්, ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දීයි මෙම උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,











