ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කොට ඇත. Sri Lanka Latest News
ජනාධිපතිවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට පළමු මෙම ඇමතුම විපක්ෂ නායකවරයාට ලබාදී ඇති බව දැනගන්නට තිබේ.
තත්පර 48කට පමණක් සීමා වී ඇති මෙම දුරකතන ඇමතුමේදී ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට පවසා ඇත්තේ තමන් පෙරළා ලංකාවට පැමිණීමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවකි.
එමෙන්ම එය පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනගන්නට තිබේ.










