මතුගම, ඕවිටිගල, වැලිකැටිය පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු ඊයේ (03) දින අලුයම තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව මතුගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
වැලිකැටිය ,ඕවිටිගල , මතුගම පදිංචි ඕවිටිගල විතානගේ කලණ මධුෂාන් නමැති අයෙක් මෙසේ ඝාතනය කර ඇත.
මියගිය පුද්ගලයා පසුගිය 02 වන දින රාත්‍රියේ සිරිකඳුල වතුයායේ ලයින් කාමරයක තවත් මිතුරෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී පැරණි ආරවුලක් මත සඳසිරිගම වැලිකැටිය මතුගම පදිංචි ඔහුගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව මුලික පොලිස් පරීක්ෂනයෙදී අනාවරණය වී ඇත.
දරුණු ලෙස තුවාල ලැබූ මරණකරු 1990 සුවසැරිය ගිලන් රථයකින් නාගොඩ රෝහලට ගෙනගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ උදෑසන මියගොස් ඇත.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සැකකරන සඳසිරිගම වැලිකැටිය මතුගම පදිංචි කුණකටුවා නමින් හඳුන්වන 27 හැවිරිදි අයෙක් මතුගම පොලිසිය විසින් එදිනම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
dinamina










