මහපොළ අධ්‍යාපන වෙළෙද ප්‍රදර්ශනය හා සැණෙකෙළිය වෙනුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල පොලිසියට ආසන්නව ඉදිකර තිබු දෑවන්ත තොරණේ බසයක් සහ මෝටර් රථයක් ගැටී තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි. Sri Lanka Latest News
කදානේ පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් නිපුන් ධනංජන නැමැති 29 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.
කඩා වැටුන තොරණට යටවී බරපතල තුවාල ලද තරුණයා ප්‍රථිකාර සදහා රාගම ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
කොළඹ සිට මිගමුව බලා ධාවනය කරමින් තිබු පෞද්ගලික බස් රථයක් හා කොළඹ-කටුනායක අධිවේග මාර්ගයේ ජාඇල නගරයට ඇතුල් වන පිවිසුම් දිසාවේ සිට පැමිණි මෝටර් රථයක් එකිනෙකට ගැටී වාහන දෙක තොරණේ වැදී තොරණ කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පෙලිසිය පවසයි.
සිද්ධියෙන් එම ස්ථානයේ වෙළෙද සැල් දෙකකටද අලාභහානි සිදුව ඇත.










