• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහබීලා මැරුණු මාළඹේ අන්තවාදී දේශකයාගේ ‌අනුගාමිකයෙක් වුණු පොලොන්නරුවේ 27 හැවිරිදි තරුණයෙකුත් මහ රෑ වහ බීලා! අසාධ්‍යව රෝහලේ! දැනටමත් මැරුණු ගණන 7ක්! I Sri Lanka Latest News

January 5, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
වහබීලා මැරුණු මාළඹේ අන්තවාදී දේශකයාගේ ‌අනුගාමිකයෙක් වුණු පොලොන්නරුවේ 27 හැවිරිදි තරුණයෙකුත් මහ රෑ වහ බීලා! අසාධ්‍යව රෝහලේ! දැනටමත් මැරුණු ගණන 7ක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විකෘති මතවාදයන් ප්‍රචාරය කරමින් අන්තවාදී දේශන පවත්වමින් බුද්ධ දේශනාවන්ට වැරදි අර්ථකථන දෙමින් රට පුරා දේශන පවත්වමින් හෝමාගම මාකුඹුරේ පිහිටි නිවෙසකදී වස පානය කර සියදිවි නසාගත් පුද්ගලයාගේ තවත් අනුගාමිකයකු පෙරේදා (03) රාත්‍රී කාලයේදී වස වර්ගයක් පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇත.Sri Lanka Latest News

පොලොන්නරුව සිරිපුර පලුදෙණියේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි තරුණයකු මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ.

මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සිරිපුර පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම තරුණයා වසර හත අටක පමණ කාලයක් තිස්සේ අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයාගේ අනුගාමිකයකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත. අන්තවාදී දේශකයා සිරිපුර පදිංචිකරුවකු බවත් එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් ඔහුගේ අනුගාමිකයන් ලෙස දේශනවලට සම්බන්ධ වී සිට ඇති බවත් අනාවරණය වෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගල් මෝල් හිමිකරුවකුගේ පුතකු වන ඔහු විවාහකයෙකි. එක් දරු පියකු වන ඔහු මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇත්තේ අන්තවාදී දේශන පවත්වමින් සිට සියදිවි හානි කරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමඟුලට සහභාගි වීමට හිතවතුන් කිහිප දෙනකු සමඟ කොළඹට පැමිණීමෙන් අනතුරුව බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා පසුගිය 28 වැනිදා වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගනු ලැබුවේ මාකුඹුරේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවෙසක් තුළදීය. ඔහුගේ අවසන් කටයුතු සිදු වූ දින ඔහුගේ බිරිය සිය දරුවන් තිදෙනා සමඟ වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගෙන තිබිණි. ඇය සිය දරුවන් සමඟ සියදිවි හානි කර ගන්නා විට මෙම ව්‍යාපාරික පුතා කොළඹ ගිය පිරිස සමඟ සිරිපුරට පැමිණ සිට ඇත.

මෙම තරුණයා පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව සිටියකු වන අතර රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනවලට වහ වැටී සිටියකු බවත් අනාවරණය වේ. මෙම තරුණයා පෙරේදා (03) රාත්‍රී ආහාර පවා ගෙන නිදාගෙන ඇති බවත් මධ්‍යම රාත්‍රියේ ඇහැරී නිවෙසින් පිටතට ගොස් වස පානය කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

රුවන් ප්‍රසන්න ගුණරත්නගේ බිරිය හා දරුවන් ද ඔහුගේ අනුගාමිකයන් වන යක්කලදීත් මහරගමදීත් මියගිය තරුණයා හා තරුණියත් සියදිවි හානි කරගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රී කාලයේදී වන බැවින් හා සිරිපුර තරුණයාත් සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගනු ලැබුවේ මධ්‍යම රාත්‍රී කාලයේදී හෝ ඒ ආසන්න කාලයක බැවින් ඒ ගැන කුතුහලයක් මෙන්ම අබිරහසක් ඇතැයි විමර්ශන නිලධාරීන්ට මෙන්ම සිරිපුර තරුණයාගේ පවුලේ උදවියට මේ වන විට ඇති වී තිබේ.

මේ වන විට රුවන් ප්‍රසන්න ගුණරත්න බිරිය හා දරුවන් හැරුණු කොට ඔහුගේ සමීපතම අනුගාමිකයන් තිදෙනකු වස පානය කර ඇත. ඒ අයගෙන් දෙදෙනකු මියගොස් ඇති අතර සිරිපුර තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

සියදිවි හානි කරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න බුදු දහම විකෘති කරමින් වෙනම මත සමාජගත කරමින් සිට ඇති බවත් ඊට ගොදුරු වී ඇත්තේ තරුණ ප්‍රජාව බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

අහඹු ලෙස තැන තැන සිදුවන මෙම සියදිවි හානිකර ගැනීම රැල්ලක් බවට පත්වීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීම සඳහා පොලිසිය මෙම පුද්ගලයාගේ අනුගාමිකයන් සොයා විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. එහිදී ඔහු සිය අනුගාමිකයන් සම්බන්ධ කරගෙන නිර්මාණය කර ඇති ‘සඳහම් සරණ’ නම් වූ මුහුණුපොතේ පිටුව හා සම්බන්ධව සිටින පිරිස් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ ඇතුළු පොලිසිය දැඩි අවධානයකින් සිටින බව සඳහන්ය.

රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය සියදිවි හානි කර ගැනීමෙන් පසු ඔහුගේ බිරිය හා දරුවන් සියදිවි හානි කර ගත්තේ ඔහු මිය ගිය සොවින් යැයි සැක කළද මෙම සිද්ධිය මේ වන විට ඊට වඩා ගැඹුරු සිද්ධියක් බව පෙනෙන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඒ නිසා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් හෙතෙම කීවේය.

එම විමර්ශනයේදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඔහුගේ අනුගාමිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටී ද ඒ අය විසිරී සිටින්නේ කුමන ප්‍රදේශවලද ආදි කරුණු කෙරෙහිය. එසේම මෙම අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයාගේ මඟ යමින් තවදුරටත් මෙම අන්තවාදී දේශන පවත්වාගෙන යන්නන් කෙරෙහි ද විශේෂ අවධානයක් විමර්ශනයේදී යොමුවනු ඇත.

සදහම් සරණ නම් මෙම අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයාගේ මුහුණුපොත හරහා දහස් ගණන් ජනතාව අතරට අන්තවාදී අදහස් යොමු කර ඇති බව ද මේ වන විට පොලිසියට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සඳහා ගිරාඳුරුකෝට්ටේ, කුරුණෑගල, ගල්ගමුව, ගාල්ල ඇතුළු කොළඹින් පිටත දුෂ්කර ගම්මාන රැසක් තෝරාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

කොළඹින් පිටත ගම්මාන වැඩි වශයෙන් තෝරාගෙන ඒවායේ පිහිටි විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා හමුවී බුදුදහමින් උගන්වා තිබෙන අනිත්‍යතාව පැහැදිලි කර දීමට දේශනයක් පැවැත්වීමට අවසර ඉල්ලා තිබෙන අතර ඒ සඳහා සුදුසුම දිනය ලෙස පොහෝදා තෝරාගෙන සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සම්බන්ධ කර ගැනීමට මොවුන් සූක්ෂ්මව කටයුතු කර ඇති බවක් පෙන්නුම් කෙරෙන බව ද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පවසති.

ඒ අනුව එක් වරක් සහභාගි වූ අයකු තවත් වරකදී සහභාගි වීම ප්‍රතික්ෂේප කෙරෙන්නේ ඉතා කලාතුරකිනි. මෙම දේශනා සංවාද ස්වරූපයෙන් පවත්වාගෙන යන අතර ඒවා පැය දෙකක් හෝ තුනක් පමණ පවත්වාගෙන යනු ලබයි. එහිදී රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා අටලෝ දහම ත්‍රිලක්ෂණය හා පංචසීලය ඇතුළු මාතෘකා මෙහිදී සංවාදයට ලක් කරයි.

“යම් හෙයකින් වහලයක උළු කැටයක් ගැළවුණහොත් අප පුරුදු වී ඇත්තේ බිඳී ගිය උළු කැටය පමණක් ගෙනැවින් දමන්නටය. එහෙත් යමකු අතින් පන්සිල් පදයක් කඩවුවහොත් කඩ වූ පන්සිල් පදය පමණක් සමාදන් නොවී සිල් පද පහම සමාදන් වනවා සේ මා යෝජනා කරන්නේ උළු කැටයක් පමණක් නො දමා වහලය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට අලුතින්ම වහලයක් ඉදි කරන ලෙසටයි. යනුවෙන් පවසන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා කියා සිටින්නේ මේ ආත්ම භාවය සසර සුවපත් කර ගැනීමට බාධා එල්ල වී ඇති බැවින් ඊළඟ ආත්මභාවයේදී ඉතා හොඳ ආත්මයක් ලබා ගැනීමට නම් නික්ම යා යුතු හොඳම කාලය මෙම කාලය වන බවයි” යනුවෙන් මෙම පුද්ගලයා තම අනුගාමිකයන්ට මෙසේ පවසා බුදු දහමට නිගා කරමින් රටේ ජනතාව නොමඟ යවමින් ඔවුන්ගේ ජීවිත හානි කර ගැනීමට පොළඹවා ඇති බවට මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එසේම මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගි වූ පිරිස් රට පුරා විසිරී සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් මවුපියන් ඥාතීන් හිතවතුන් විමසිල්ලෙන් සිටින ලෙසත් එලෙස දේශනවලට සහභාගි වූ පිරිස් පිළිබඳ තොරතුරක් වෙතොත් ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

සජබ සන්ධානයට එන්න හදපු-ඒත් ගත්තේ නැති ප්‍රබල මන්ත්‍රීවරු ඇමැතිවරු කව්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

බඩු මිල වැඩි වුණේ ස්වාභාවිකව! අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදේටම වැට් ගහලා නෑනේ! අමාරුකම කෙටිකාලීනයි! ළඟදීම සහන‌ දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.