පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. (Sri Lanka Latest News)
පොලීසිය සඳහන් කළේ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කලකිරී මෙම දැරිය සියදිවි හානි කරගෙන ඇති බවයි.
උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහතදී තරුණයකු සමග නිවසට නොදන්වා පළාගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන මෙම සිසුවිය පරිවාස භාරයට පත් කර තිබේ.
නැවතත් දැරිය නිවසට පැමිණි පසුවයි මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ.
මීගලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
madyawediya










