සෙවණගල, ඉඳුනිල්පුර, සූරියආරේ කුඩා නිවෙසක දැඩි අගහිඟකම් මැද ජීවත්වන පවුලක 16 හැවිරිදි පාසල් සිසුවියක මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.Sri Lanka Latest News
මෙසේ මියගොස් ඇත්තේ සෙවනගල, සූරියආර ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.
දැරිය සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිට ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම දැරියගේ පියා මීට පෙර මියගොස් ඇති අතර මවටද ස්ථීර ආදායමක් නොමැත. ස්ථීර පදිංචිය ඉඳුනිල්පුර ප්‍රදේශයේ වුවද පසුව නෙළුම්සිරිගමට පැමිණ කුඩා නිවෙසක් තනාගෙන ජීවත්ව සිට ඇත.
මීට පෙර මෙම දැරියගේ සහෝදරයකුද මේ ආකාරයෙන්ම මියගොස් ඇත.
මෙම සිසුවිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියකු පැවැසුවේ මේ දරුවා ඉතා හොඳ දරුවෙක්. හරිම විනීතයි. මෙවැනි සිද්ධියක් කර ගැනීම හරිම ගැටලුවක් කියාය.
මෙම මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයිද සෙවනගල පොලිසිය කියයි.
මෙම දැරිය පවුලේ දැඩි ආර්ථීක දුෂ්කරතා මත දැඩි කලකිරීමෙන් ජීවත්ව ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
පෞද්ගලික පන්තියක ගුරුවරයකුගේ සාදයකට සහභාගීවීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඇය දැඩි කලකිරීමකින් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.








