කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණයකදී කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයේ සිටි සෙන්ටිමීටර් 70ක් දිග පටි පණුවෙකු සොයාගෙන තිබේ.Sri Lanka Latest News
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල පැවසුවේ, මෙතෙක් හමුවූ දිගින් වැඩි ම පටිපණුවා මෙය බව ය.
මීට පෙර ලෝකයෙන් සොයා ගෙන තිබුණේ, සෙන්ටි මීටර් 40ක් පමණ දිග පටිපණුවෙකු බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
මෙම පටි පණුවන් වඳුරු පටිපණුවන් ලෙස ද හඳුන්වනු ලබයි.

වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් මෙම පටිපණුවන් ව්‍යාප්ත වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.










