කොළඹ නාලන්දා විද්‍යාලයේ 99 වැනි අභිමානවත් සංවත්සරය නොවැම්බර් 1ට (අදට) යෙදී තිබේ. Sri Lanka Latest News
මීට සමගාමීව අද දින පාසල් පරිශ්‍රය තුළ දානමය පින්කමක්, පහන් පූජාවක් ඇතුළු ආගමික වතාවත් සංවිධාන කොට ඇති අතර ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් විද්‍යලයීය වෙබ් අඩවියක්ද එළිදැක්වීමට නියමිතය.
එහි ප්‍රධාන සැමරුම් උළෙල එදින උදෑසන විදුහල්පති යූ.ඩී. ඉරාන් චම්පික සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී විද්‍යාලය වෙනුවෙන් සිය සේවාව ලබා දුන් ගුරුවරුන් ඇගැයීමද සිදුකිරීමට නියමිතය.
එසේම නොවැම්බර් පළමුවැනිදා විද්‍යාලයීය සියවස් සැමරුම වෙනුවෙන් සම්පාදිත, විද්‍යාලය නාලන්දා, පර්යේෂණ ග්‍රන්ථයද එළිදැක්වීමේ උත්සවය විද්‍යාලයීය මල්ලසේකර ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතය. මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලේඛකයකු සහ විචාරකයකු වන ආදී නාලන්දීය අජිත් ගලප්පත්ති විසිනි.










