ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කොවිඩ් මරණ 98න් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 47දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.










