නව හැවිරිදි දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම ප්‍රදේශයේ විදුහලක 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති දැරියයි.
අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය කියයි.
දැරිය පෙරවරුවේ කුකුළු මස් ගැනීමට මීටර් 200ක් පමණ දුරින් පිහිටි වෙළෙදසැලට ගොස් ඇති නමුත් පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාස වල ද සොයා ඇති අතර නොමැතිවීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කළ බව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පැවසුවාය.
දැරිය පැහැරගෙන ඇති බවට සැකයක්ද මේ වනවිට පොලිසියට මතුව තිබේ.










