• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආච්චිවයි නංගිවයි ජීවත් කරවන්න පාරේ දොදොල් විකුණන 8 වසරේ අයියා! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ආච්චිවයි නංගිවයි ජීවත් කරවන්න පාරේ දොදොල් විකුණන 8 වසරේ අයියා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවුලේ බර කරට අරගෙන දොදොල් විකුණා ජීවිතය සරිකර ගන්නා අවුරුදු 11ක පාසල් දරුවෙක් ගැන පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. මේ පුවත සමාජ මාධ්‍යයට එක්කළ පුද්ගලයාට ප්‍රථමයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඔහු දැක තිබුණේ බණ්ඩාරවෙල නගරයේ සුපිරි වෙළෙඳසලක් ළඟ ඉන්න පුංචි දරුවෙක් දොදොල් විකුණනවා. එලෙස දොදොල් විකුණා ලැබෙන මුදල් තමයි මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වගේම ඔහුගේ මිත්තණිය සහ නංගීගේ වියදම්වලට යොදවා තිබුණේ.
මේ වීඩියෝව මේ සමාජ මාධ්‍යයේ පළවීමත් සමග පරිවාස හා ළමා ආරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවට ද ඒ පිළිබඳ දැනගන්නට ලැබී තිබුණා. ඒ අනුව, ඌව පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස් ඊ.කේ.වී.ටී. එදිරිසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් කහගොල්ලේ ජීවත්වන මේ දරුවාගේ නිවස සොයා යන්නට කටයුතු කර තිබුණා. ඔවුන් එම නිවසට යන විට දරුවා සිටියේ සිය බාප්පාගේ තේ කඩයේයි. පරිවාස නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ මේ දරුවා දියතලාව කහගොල්ල විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔහුගේ නැගණියද එම පාසලේම 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි. කුඩා කාලයේම මවුපියන් මේ දරුවන් දෙදෙනා අත්හැර දමාගොස් තිබෙන බවත් ඔවුන් ආච්චි විසින් රැකබලා ගන්නා බවත්, ඇය පිළියෙල කර දෙන දොදොල් විකුණා ලැබෙන මුදලින් ජීවත් වන බවත් වැඩිදුරටත් එම නිලධාරීන්ට දැනගන්නට ලැබී තිබුණා. Sri Lanka Latest News

පසුව ඌව පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ කොමසාරිස් ඊ.කේ.වී.ටී. එදිරිසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන් දරුවාගෙන් සහ මිත්තණියගෙන් කරුණු විමසා සිටියේ මේ ආකාරයටයි.

මිත්තණිය
‘මේ ළමයින්ට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ මම රට යන එකත් නැවැත්තුවේ මේ ළමයි නිසයි. මම දුක්මහන්සි වෙලා පුළුවන් දෙයක් කරලා ජීවත් වෙනවා. ඉස්කෝලේ ගිහින් ඇවිත් මේ දරුවන් මට උදව් කරනවා. මාත් අසනීපෙන් ඉන්නේ. මගේ පණ තියෙනකල් මම දරුවන් බලාගන්නවා. මේ දරුවන්ගේ තාත්තා අවුරුදු දෙක තුනකට සැරයක් ඇවිත් යනවා. අම්මා නම් කොහේද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. අම්මා ලංකාවේ කො‌හේ හරි ඉන්නවා….’

පරිවාස නිලධාරීන්
‘අපි මේ දරුවට උදව්වක් කරන්න අහන්නේ. අපි ඉස්කෝලේ යමු. තව ඉස්සරහට බිස්නස් කරන්න පුළුවන්. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා අපි බිස්නස් කරමු අම්මා. අපි දොදොල් විකුණන වැඩේට ක්‍රමයක් හදමු.
මිත්තණිය
‘මේ ළමයි දෙන්නාව ජීවත් කරන්න එපැයි මම. මෙයා ඉස්කෝලේ ගිහින් එයාගේ වැඩ ටික කරනවා. මෙයාගේ නංගිටත් කරන්න ඕනේ…’

පරිවාස නිලධාරීන්
‘දවසකට ආදායම කීයක් විතර ලැබෙනවද?’

දරුවා
‘7000ක් විතර ලැබෙනවා.’

පරිවාස නිලධාරීන්
‘ඒ සල්ලිවලට මොනවද කරන්නේ…?’

දරුවා
‘ආච්චිට දෙනවා, මම 500ක් විතර තියාගෙන නංගිගේ ටියුෂන්වලටත් දෙනවා…’

පරිවාස නිලධාරීන්
‘අපි දරුවා දොදොල් විකුණන්න යවන එක ටික දවසකට නවත්තමු. තව අවුරුදු 4යි 5යි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික යන්න දෙන්න. ගිය සැරේ ඉස්කෝලේ 27 වැනියා. මේ සැරේ 19 වැනියා. ඉස්කෝලේ ගියොත් තව ටිකක් මෙහාට එන්න පුළුවන්නේ. දොදොල් විකුණන්න නෙවෙයි දොදොල් කඩයක්ම දාන්න පුළුවන් ඉස්කෝලේ ගියොත්. අපරාදේ අම්මේ මේ දරුවා දොදොල් විකුණන්න යවන්නේ. අපි වෙන විදියක් බලමු…’

කොමසාරිස්තුමිය
‘අද අපි ආවේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන මේ දරුවා ගැන සොයා බලන්න. දරුවා පාසලේ 7 වසරේ. ආච්චියි නංගියි මේ දරුවයි ගෙදර ඉන්නේ. මේ ගෙදර ඉස්සරහ තියෙන කඩේ කරන්නේ බාප්පා. දරුවා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් කියලා පේනවා. දිගටම ඉස්කෝලේ යන්න කියලයි අපි කිව්වේ. දරුවාට ඉගෙන ගන්න අවස්ථාව පරිවාස දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ලබාදෙන්න කතා කළා. ආච්චි අම්මට දොදොල් විකුණන්න බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව තැනක් පැය දෙක තුනකට හොයලා දෙන්න මැදිහත් වෙනවා. මොකද මේ දරුවන්ට ඉගෙන ගන්න පිටිවහලක් වෙන නිසා. මින් ඉදිරියට ජීවත් වෙන ආකාරය පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුව හැටියට අධීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා…’

මේ දරුවාට පාසල් අඳින්න තියෙන්නේ එකම එක පාසල් නිල ඇඳුමයි. සමහර දවසට දොදොල් විකුණනකොට ලැබෙන්නේ රුපියල් 250ක් වැනි මුදලක්. මේ පුංචි දරුවා දොදොල් විකුණන්න ගිහින් දොදොල් ඉතුරු වුණොත් පහුවදාටත් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් විකුණනවා. සතියට දවස් දෙකක් දොදොල් විකුණන්න යන ඔහු දවස් 3ක් පාසල් යන බවයි දැනගන්නට ලැබුණේ. දරුවා පවසා සිටියේ සවස 3ට පමණ බණ්ඩාරවෙලට දොදොල් ගෙන ගොස් රෑ 8ට පමණ නැවත කොළඹ බස් එකක නැගී නිවසට පැමිණෙන බවයි. දරුවා පවසා සිටියේ දොදොල් විකුණා ලැබෙන මුදල්වලින් රුපියල් 500ක් මේ දරුවා තියාගෙන ඒ මුදලින් 200ක් පාසල් යාමට වියදම් කරන බවත්, ඉතිරි මුදලින් නංගිගේ පන්ති වියදම් දරන බවයි.

කොමසාරිස්තුමිය වැඩිදුරටත් අනාවරණ කර තිබුණේ මෙම ප්‍රදේශයේ මෙවැනි දරුවන් 620ක් පමණ සිටින බවත්, අධිකරණ නියෝග මත ඔවුන්ට අධ්‍යාපන පහසුකම් සපයන බවයි. විවිධ පුද්ගලයන් විසින් අපයෝජනයට ලක්කරන ලද, මවුපියන් විසින් වධ හිංසා පමුණුවන ලද සහ මවුපියන් අත්හැර දමා ගොස් අනාරක්ෂිතව සිටින දරුවන් අධිකරණ නියෝග යටතේ ළමා නිවාසවලට යොමුකර සිටින බවද ඇය අනාවරණ කර සිටියා.

පරිවාස නිලධාරීන් මිත්තණියට උපදෙස් දුන්නේ දරුවා මින් පසු කිසිදු ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා නොගන්නා ලෙසයි. නමුත් මේ පවුලට කිසිවකුටත් අතනොපා ජීවත් වීම සඳහා යම් වැඩපිළිවෙළක් සකසා දීමට ඔවුන්ට හැකි නම් එය වඩාත් යහපත් වනවා.

පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බොහොමත් පින් දරුවකුගේ අනාගතයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් දායක වුණාට. තමන්ගේ රාජකාරිය හරි හැටි තේරුම් ගෙන අසරණ දරුවන් වෙනුවෙන් තමන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට කරන මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට ආඩම්බරයක් බව කිව යුතුයි.
සමහරුන් කිසිදු දෙයක් නොකර රජයෙන් ලබාදෙන සහනාධාර ලබාගෙන සැපවත් ජීවිත ගතකරනවා. ඒ නිසා බලධාරීන්ට පුළුවන් ඇත්තටම සහනාධාර අවශ්‍ය මෙවැනි පවුල් ගැන විශේෂයෙන් සොයා බලා ඔවුන්ට සහන සලසන්න.

මේ සිදුවීමට අදාළ වීඩියෝව දුටු බොහෝ දෙනෙක් පවසා තිබුණේ මේ දරුවා සමාජයටම ආදර්ශයක් ගෙන දෙන බවයි. මහජන ධනය සොරාකන දේශපාලකයන්ට පවා මේ දරුවා ආදර්ශයක් බවයි.

බොහෝ දෙනෙකු මේ දරුවාගේ ක්‍රියාවේ දෙපැත්තක් දකිනවා. බාල වයස්කාර දරුවන් වෙළෙඳාමේ යෙදවීම තහනම් ක්‍රියාවක් බව කියමින් පිරිසක් චෝදනා කරද්දී තවත් පිරිසක් මේ දරුවාගේ උත්සාහවන්තභාවය අගය කරනවා. දෙපැත්තකට බෙදී කෙලෙස තර්ක කළත් මේ දරුවා සමාජයට දෙන ආදර්ශය නම් අතිවිශාලයි.
මේ දරුවන්ගේ මවුපියන් වගේම තවත් බොහෝ මවුපියන් තමන්ගේ දරුවන් අසරණ කරනවා. එවැනි මවුපියන්ට කියන්න තියෙන්නේ අහිංසක පුංචි දරුවන්ව මේ වගේ අසරණ කරන්න එපා. දරුවන්ගේ ඉගෙන ගන්නා වයස උදුරා නොගෙන දරුවන්ට හොඳට උගන්වන්න. ඒ අවස්ථාව උදාකර දෙන්න. ඒ පුංචි දරුවන්ගේ අහිංසක ජීවිත අසරණ වෙනවා. ඔවුන්ගේ අනාගතයම අඳුරට පත්වෙනවා. මේ වගේ දාලා යන්න එපා.

මේ පුතාටත් කියන්න තියෙන්නේ හොඳට ඉගෙනගන්න. ඔයාගේ ජීවිතය වරදින්නේ නැහැ. කවදා හරි ආපහු හැරිලා බැලුවාම ඇහෙන් සතුටු කඳුලක් වැටෙන්න ඕනේ පුතේ. අපි හැම කෙනකුගෙන්ම ඉල්ලන්නේ සමාජයේ මෙවැනි ඉගෙන ගන්න ආස නමුත් ශක්තියක් නැති දරුවෝ බලලා ඔවුන් වෙනුවෙන් තමන්ට පුළුවන් උපකාරයක් කරන්න කියලයි. ඔවුන්ට තමන්ගේ දරුවෝ කියලා හිතලා උදව් කරන්න කියලයි. මේ පුතාට ජීවිතය ජයගෙන දියුණුවේ ඉහළටම යන්න හැකි වේවා කියලා ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අතන මෙතන බැලුවත් කොතනවත් නැති රතන හිමි ඉල්ලපු අපේක්ෂිත ඇප උසාවියෙන් දීලා නෑ! I Sri Lanka Latest News

Next Post

කරනවා කියපුවා කරලා පෙන්වන්න! අමෙරිකාව ලංකාව පස්සෙන් පන්නන්න පටන් අරන්! ට්‍රම්ප්ගේ බද්දේ ලංකාව හිරවෙයිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.