හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.Sri Lanka Latest News
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතාගේ අත්සන් යුතුව නිකුත්කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ “මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම පැහැදිලි කිරීම සිදුකරන බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වනවිට පවතින බවත් එම නිවේදනය අනුව දැක්වෙයි.











