වසරකට අධික කාලයක් තිස්සේ ජල බිල්පත ගෙවීම නොකර සිටින සියළු දෙනා ඉදිරි දිනවලදී බිල්පත් ගෙවිය යුතු බවත් ,විශේෂ හේතුවක් නොමැතිව එසේ නොකරන සියලුම දෙනාගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට සිදුවන බවත් ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ ජූලි මාසය අවසන්වනවිට රුපියල් පන්දහසකට වැඩි බිල්පත් තිබියදී ගෙවී ගිය වසරක කාලය තුල කිසිදු මුදලක් නොගෙවූ පිරිස 39,000කට ආසන්න බව එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරවරයා පවසයි.
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ ජූලි මාසය අවසන් වන විට ගෙවීම පැහැර ඇති මුදල රුපියල් කෝටි අටසියයකට ආසන්න බවත් මේ ආකාරයට ගෙවීම පැහැර හැරීම නිසා සේවා පවත්වා ගෙන යාමේදී ජලසම්පාදන මණ්ඩලයටත් ගැටළු ඇතිවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
ජල පාරිභෝගිකයින්ගේ නිවෙස් අසලටම ගොස් ජල බිල්පත් එකතු කර ගැනීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක තිබෙන අතර මේ අනුව නිවෙස අසලදි හෝ ලඟම පිහිටි ගෙවීම් මධ්‍යස්ථානවලට ගොස් ජල බිල්පත ගෙවීම සිදු කරන ලෙසද නියෝජ්‍ය සාමන්‍යාධිකාරවරයා ඉල්ලා සිටී.
එසේම 071-9399999 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් ජල බිල්පත් අංකය යොමු කර ලියාපදිංචි වී සිටින සියලුම දෙනාට ජල බිල්පත් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසද දැනුම් දී ඇත.










