මාලදිවයින් සංචාරය නිරතවීමට ජනපතිගේ ආරක්ෂාවට ගුවන් තොටුපල වෙත රැගෙන ගිය ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරීන් 7දෙනෙකු සිදු කල නීති විරෝධී ක්‍රියාවක් නිසා ඔවුන් වහාම ස්ථාන මාරු කරන්නට වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
මීට හේතු වී තිබෙන්නේ අදාළ නිලධාරීන් හත්දෙනා නීති විරෝධී ලෙස බදු නිදහස් කර ඇති නැත්තම් duty free වෙළඳ සැල්වලින් ආනයනික මිල අධික මත්පැන් බෝතල් 50ක් රැගෙන ඒමයි.
මේ සිද්ධිය වාර්තා වීමත් සමග ඔවුන්ට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා විනය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර එම නිලධාරීන් ඇල්පිටිය, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම මෙවැනි මත්පැන් බෝතල් ප්‍රමාණයක් එලියට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට ගැටළු මතුවී තිබෙනවා. මේ සම්බන්දයෙන් පොලිසියේ තුල විනය පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.










