ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නවසීලන්ත අගමැතිනිය ජාතිය ඇමතීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී සන්සන්දනයක යෙදිණ.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ඉතිහාසය පිළිබදව කතා කළ බවත්, නවසීලන්ත අගමැතිනිය වර්තමානය සහ අනාගතය පිළිබද කතා කළ බවත්ය.
එමෙන්ම ජනාධිපතිවරයා විනාඩි 68කින් කී දේ නවසීලන්ත අගමැතිනිය විනාඩි 2න් කී බවද මන්ත්‍රීවරයා කීය.










