පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමෙන් කොට්ටාව පොලිස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන එල්.පී.බී.සමරසිංහ ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Sri Lanka Latest News
ඒ වෙනුවෙන් සිද්ධියට වරදකරුවන් වූ එමපොලිස් නිලධාරීන් එක්ව සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයනියෝග කර ඇත.
කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ මූලිකඅයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් දසිල්වා යන විනිසුරුවරුන්ගේ එකගතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකාවිජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
2016 වසරේ ජූලි මස 09 වනදා රාත්‍රි කාලයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවටගෙන දණ ගස්සා හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන එල්ල කර පහරදී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි පවසමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර තිබුණි.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය පැවසුවේ ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේදී වගඋත්තරකරුවන් විසින්පොලිස් අත්අඩංගුවේදී පෙත්සම්කරු කෲර වධ හිංසනයට ලක්කර අමානුෂික සැලකීම් වලට භාජනය කර ඇති බවට තහවුරු වන බවය.










