ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම සදහා රටේ සියලුම ක්ෂේත්ර ලබන 06 වැනිදා දැවැන්ත හර්තාලයක් කැදවා ඇති බවත්, ආණ්ඩුව ඊටද ඇහුම්කන් නොදෙන්නේ නම් 11 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට තීරණය කොට ඇති බවත් වෘත්තීය සමිති නායකයෝ සදහන් කර සිටියහ.
ඊයේ දින සියලු වෘත්තීය සමිති කොළඹදී රැස්වූ අතර එහිදී මෙම තීන්දුව ගෙන අති බව වාර්තා වේ.
ඊට වරාය, විදුලිය, ජලය, සුව සේවා, රසායනාගාර සේවා, ආපන ශාලා, ප්රවාහන ආදී සෑම ක්ෂේත්රයක්ම නියෝජනය කරමින් ජනතාව සහභාගී වී සිටියහ.