2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියද තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් අයවැය දෙවන වර කියවීමේදී සම්මත වීම විශේෂ සිදුවීමකි.










