ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහා පූර්ව දැනුම් දීමේ කුලුනු 77න් කුලුනු පනස් පහක් අක්‍රියවී පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.Sri Lanka Latest News
මෙම කුලුනු වෙනුවෙන් 2016 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික ආයතන වෙත රුපියල් කෝටි නවයක්ද නඩත්තු වෙනුවෙන් තවත් මුදලක්ද වැය කර ඇතත් එම කුලුනු ඉදිකිරීමේ අරමුණු ඉෂ්ට වී නැති බවද වාර්තාවේ දැක්වෙයි.
පූර්ව දැනුම් දීමේ කුලුනු වෙනුවට වර්තමානයේ වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමුවී ඇති බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
එසේම ගංගා ද්‍රෝණි පහක් ආශ්‍රිතව පිහිටුවා ඇති ස්වයංක්‍රීය වැසි මාපක 122කින් පනස් දෙකක් අක්‍රිය වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
තවද ආපදා කළමනාකරණ ආදී තිබූ රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ආපදා මෙහෙයුම් රථයද රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රදර්ශන රථයද අව්වැසි ආවරණයක් නොමැතිව අනාරක්ෂිතව ගාල් කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.
ජංගම ප්‍රදර්ශන රථය එම අරමුණින් බැහැරව බඩු ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ බවද විගණනයේදී තොරතුරු හෙළි වී ඇත.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ව්‍යසනවලින් සිදුවන ආපදාවන් කළමනාකරණය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.