යුක්තිය මෙහෙයුමට අදාළව දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 417ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 130 ක් සමගින් මුළු සැකකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 417 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 02 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 04 ක් සිටි.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 130 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 08 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 113 ක්, අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 ක් සහ ඇගිලි සටහන් මගින් හදුනාගන්නා ලද සැකකරුවන් ගණන 04 ක් සිටි.