ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් නොමිලේ ලබාදීමට චීනය මේ වනවිට පියවර ගෙන ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම නිල ඇඳුම් රෙදිවලින් පළමු තොගය මේ වනවිට නැව්ගත කර ඇති බව පවසන තානාපති කාර්යාලය, මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් කෝටි 500ක් වන බව සඳහන් කරයි.
මේ අනුව පළමු රෙදි තොගය ලෙස සුදු කමිස සහ ගවුම් රෙදි මීටර මීටර මිලියන 2.4ක්, කලිසම් රෙදි 350031.5ක්, නිල් පාට කලිසම් රෙදි මීටර 150003.5ක් සහ සිවුරු මීටර 138134ක් ලෙසින් සම්පූර්ණ රෙදි මීටර මිලියන 3ක් මේ වනවිට නැව්ගත කර ඇතැයි තානාපති කාර්යාලය පවසයි.
lankasara










