• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක වීසාවලින් ඇවිත්… ලැප්ටොප් 120ක්.. පරිගණක 14ක්.. ජංගම දුරකථන 300ක් අරන්… මහනුවර හෝටලයක්ම බුක් කරගෙන.. කාටවත් පැත්ත පළාතට එන්න නොදී චීන්නු 126 දෙනෙක් එකතුවෙලා ගහපු කෝටි 5000ක සුපිරි ගේම! I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණි.Sri Lanka Latest News

ඒ මහනුවර කුණ්ඩසාලේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී ය.

පොලීසිය පැවසුවේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව සැකකාර චීන ජාතිකයින් පිරිස හෝටලයේ වෙනම කලාපයක් වෙන් කරවාගෙන එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති බවය.

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා විය.

එලෙස සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණි.

මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයක දී අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් පිරිස අතරට චීන ජාතික තරුණියන් 17 දෙනෙකු ද අයත්ය.

කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් කිහිපදෙනෙක් එම ස්ථානය පිටුපසින් ගලාබසින මහවැලි ගඟ දෙසින් පළා ගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ, වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ලැප්ටොප් 120ක්, පරිගණක 14ක් සහ ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවය.

සැකකාර චීන ජාතිකයින් පිරිස ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර එහි කාමර 47ක්, ප්‍රධාන උත්සව ශාලාව, භෝජනාගාරය, පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන භාවිත කරමින් හෝටල් කාර්ය මණ්ඩලයට හෝ පිටස්තර පිරිස් වෙත ඇතුළුවිය නොහැකි තහනම් කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති අතර දෙපාර්ශ්වය අතර සන්නිවේදනය සඳහා චීන ජාතික භාෂා පරිවර්තකවරියක් ද යොදා ගෙන ඇති බවය.

දින අටකට වරක් හෝටල් ගාස්තු ගෙවීමේ එකඟතාවක් මත මෙම චීන ජාතිකයින් පළමු දින 8 ට පමණක් ආහාරපාන සඳහා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 46කි.

විමර්ශන කණ්ඩායම් පැවසුවේ, අද සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට පසුගියදා හම්බන්තොට මෙවැනි ස්ථානයක සිදුකළ වැටලීම අතරතුර පළාගිය චීන ජාතිකයින් 26 දෙනා ද හමුවූ බවය.

SendShareShare
Previous Post

මේක පහුගිය ආණ්ඩු කරපු හොරකම් නිසා විරෝධය පළ කරන්න මිනිස්සු දීපු ඡන්දයක් මිස මාලිමාව ගැන විශ්වාසය පළ කරලා දීපු ඡන්දයක් නෙමෙයි! සජබ සභාපතිකම අරන් ඉම්තියාස් තියපු පළමු මාධ්‍ය හමුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 6ක් හිරේ දැම්මාට ඇලෝෂියස් දාපු අභියාචනයත් විසිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.