පසුගිය සති හයක පමණ කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් ගොඩනැගිලි පනහක් පමණ කඩා වැටී තිබේ. මෙම ගොඩනැගිලිවල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල්වලට යොමු කර තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා ඊයේ (08) පැවැසීය. Sri Lanka Latest News
මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇති බවත් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින බවත් කී ලේකම්වරයා ලෝක බැංකු ආධාර යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් වෙන් කෙරෙන බවත් සඳහන් කළේය.
මාස දෙකක් ඇතුළත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව පවතින බව ද ඔහු කීවේය.
කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි වසර පනහ හැට පැරණි යැයි ද පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන නමුත් මෙවැනි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කර නැතැයි ද කී ලේකම්වරයා එවැනි අවධානයක් යොමු කළේ නම් මෙතරම් විනාශයක් සිදු නොවන බවත් පැවසීය.










