හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අලුත්ගම කන්දේ විහාරය වැදපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා සතර මහා දේවාලයන් වැදපුදා ගැනීමටද පියවර ගත්තේය.
පසුගිය කාලයේදී නිහඩ චරිතයක් අනුගමනය කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට යළිත් වතාවක් ආගමික කටයුතුවලට සම්බන්ධ වී සිටීම විශේෂ සිදුවීමකි.










