ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සදහා ඇත්තේ තවත් පැය 48කටත් අඩු ප්රමාණයකි.
ගිවිසුමේ ඇති රටට අහිතකර කොන්දේසි හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පාර්ශ්ව කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.
තවත් පාර්ශ්ව කිහිපයක්ම සිටින්නේ අවසන් තීන්දුවක් නොගෙනය.
අපට ඇති තොරතුරුවලට අනුව නම් විපක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ දෙමළ ජාතික සන්ධානය දැනටමත් ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීන්දු කොට අවසානය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහතා කවදත් රාජ්‍ය ආයතන රැකගැනීම වෙනුවෙන් පෙනී සිටි චරිතයක් වන බැවින් ඒ මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අනුව යමින් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද ඡන්ද විමසීමේ අවස්ථාවට එක් නොවීමට තීන්දු කොට ඇති බව පැවසේ.
නමුත් තවමත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ගෙන නොමැත.
පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් මත 2ක් මතුව ඇති අතර එක් කොටසක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බව කියද්දී තවත් කොටසක් ඊට සහාය පළ කළ යුතු බව සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අද රාත්රියේදී හෝ හෙට පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව සමගි ජන බලවේගය විසින් ගැනීමට නියමිතය.
යම් හෙයකින් විපක්ෂයේ අනෙකුත් පක්ෂ අනුව යමින් සමගි ජන බලවේගයද IMF ගිවිසුමට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කළහොත් හෙට සවස ආණ්ඩුවට ඉතා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.