46වන කොවිඩ් මරණය වාර්තා කරමින් ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.
මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.










