• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 40ක්! සරණාගත කඳවුරු 106ක්! ලාංකිකයන් 60000ක්! ඉන්දියාවට සින්න වෙන්න යන අපේ මිනිස්සු! Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 40ක්! සරණාගත කඳවුරු 106ක්! ලාංකිකයන් 60000ක්! ඉන්දියාවට සින්න වෙන්න යන අපේ මිනිස්සු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවුණු ‘කළු ජූලියේ’ ජාතිවාදී ගැටුම්වලදී තමයි අපේ පවුලේ අයත් දකුණු ඉන්දියාවට පලා ආවේ. ශ්‍රී ලංකාවේ ජීවත් වුණු දමිළ මිනිසුන් දහස් ගණනක් ඒ වෙලාවේ මරණ බියෙන් ඉන්දියාවට පැන ආවා. අපේ පවුලේ අයත් එහෙම තමයි ආවේ. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. මම පාසල් සිසුවියක්. දකුණු ඉන්දියාවේදී මුලින්ම අපිව දැම්මේ තන්ජාවුර්හි අදිරම්පත්තිනම් නමැති ප්‍රදේශයේ සරණාගත කඳවුරකට. ඒ වෙලාවේ අපට ඉන්දීය රජය පළමු පන්තියේ පුරවැසියන්ට වගේ සැලකුවා. සියලු පහසුකම් සැලසුවා. දුම්රියවල ගමන් කිරීමට නොමිලේ ගමන් බලපත්‍ර පවා ලබාදුන්නා. ඒ අනුව නිවාඩු වෙලාවට අපි දුම්රියෙන් චෙන්නායිවලට යනවා. අපේ සරණාගත කඳවුරු පවා හොඳ තත්ත්වයෙන් තිබුණා. ඒත් අපට තිබුණු මේ තත්ත්වය සියල්ලම උඩු යටිකුරු වුණා අගමැති රජිව් ගාන්ධිගේ ඝාතනයෙන් පස්සේ…’ (Sri Lanka Latest News)

මෙම කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? ඇයට අපි ‘කන්මනී’ යන නාමයෙන් අමතමු. එහෙත් එය ඇයගේ ඇන්වර්ථ නාමය මිස සැබෑ නාමය නොවේ. ඇය දැනට වයස අවුරුදු 48ක කාන්තාවකි. ඇයගේ මෙම කතාවෙහි තවත් තොරතුරු සොයා බලන්නට පෙර ඇයගේ කතාව තවදුරටත් අසා සිටිමු.

‘අවුරුදු 8දී ඉන්දියාවට පැමිණි මගේ දැන් වයස අවුරුදු 48ක්. මේ කාලය දැන් හරියටම අවුරුදු 40කට වඩා ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කළු ජූලියේ කලබලවලදී ඉන්දියාවට පැන ආපු පළමුවැනි කණ්ඩායමට තමයි අපේ පවුල අයත් වුණේ. මෙහෙම කාලය ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධයත් අවසන් වුණා. ඒ කියන්නේ යුද්ධය ඉවර වෙලා දැනට වසර 15ක් අවසන් වුණා. එහෙම දීර්ඝ කාලයක් ගතවී තිබිලත් තවමත් අපේ පවුල්වල අය ජීවත් වෙලා ඉන්නේ සරණාගත කඳවුරුවල. තමිල්නාඩුව පුරා තවමත් මේ වගේ කඳවුරු 106ක් තියෙනවා. එදා අවුරුදු 40කට පෙර ජාතිවාදී කලබලවලදී ලංකාවෙන් පැන ආ අයත්, 2009දී සිවිල් යුද්ධය වෙලාවේ ඉන්දියාවට පැන ආ අයත් මේ කඳවුරුවල ජීවත් වෙනවා. මේ විදියට මෙම කඳවුරුවල මේ වනවිට පුද්ගලයන් 60,000ක් පමණ තවම ජීවත් වෙනවා. යමෙකුට කිව්වාට පිළිගන්නට බැරි තරම් ඉතා විශාල ප්‍රමාණයක්. එහෙත් ඒක තමයි සත්‍යය. කෙසේ හෝ ඉන්දීය රජය පෙරට වඩා මෙම සරණාගතයන්ට වර්තමානයේදී පහසුකම් රැසක් සලසාදී තිබෙනවා. සමහර කඳවුරුවල ස්ථිර නිවාස සංකීර්ණයන් පවා ඉදිකරදී තිබෙනවා. මමත් පසුගිය කාලයේ මගේ පාසල් අධ්‍යාපනය සාර්ථකව කරලා දැන් සමාජ සේවා රැකියාවක් කරනවා. ඒත් තවමත් සමාජය අපිව පිළිගන්නේ සරණාගතයන් ලෙසයි…’

මෙම හැඟීම්බර කතාවේ ඉතිරි කොටස කුමක්දැයි අපි දැන් සොයා බලමු. මෙම කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් විදෙස් මාධ්‍ය පුවතක් හරහාය. ඉන්දියාවේ සුප්‍රකට ප්‍රධාන පුවත්පතක් වන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතෙහි පළවූ විශේෂ ලිපියකින් මෙම කරුණු අනාවරණය කර තිබිණි. එම මාධ්‍ය ආයතනයේ සේවය කරන විනෝත් කුමාර් නමැති ඉන්දීය මාධ්‍යවේදියා විසින් සිදුකරන ලද සමීක්ෂණයක් ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කර තිබිණි. මෙම ලිපියේ විශේෂත්වය වන්නේ එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට අදාළව පැනනැගුණු සමාජ අරබුදයක් වීම හේතුවෙනි. ඔහු මෙම ලිපියෙන් තවදුරටත් හෙළිකරන කරුණු සොයා බලමු.

ඉන්දියානු ලේඛකයා විසින් ලියන ලද මේ ලිපියට සිරස්තලය යෙදා ඇත්තේ ‘පරම්පරා තුනකට පසුවත් ශ්‍රී ලාංකික දෙමළ ජනයා තවමත් අනන්‍යතාව සොයමින් සිටිති’ යනුවෙනි. එය ඉංග්‍රීසි ලේඛනයක් වන අතර, ඉංග්‍රීසි බසින් එම සිරස යොදා ඇත්තේ “Three generations later Sri Lankan Tamils still in search of identity” යනුවෙනි. පසුගියදා පළකෙරුණු මෙම ලිපිය මේ වනවිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් විදේශ රටවලද මහත් ආන්දෝලනයකට පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ දශක 3කට (වසර 30ක්) වඩා අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති වාර්ගික සිවිල් යුද්ධයයි. මෙම යුද්ධයේ පසුබිම මත ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විවිධ පාර්ශ්ව විසින් මෙම දමිළ අර්බුදයට අදාළව විවිධ අදහස් සහ මතිමතාන්තර ඉදිරිපත් කළේය. එය සැබැවින්ම ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අදාළ වන්නේ මෙම විෂය 100%ක්ම කතා වන්නේ ශ්‍රී ලාංකික දමිළ ජනතාව නිසා වන හෙයිනි. වාර්ගික අරගල මධ්‍යයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලාගිය ලාංකික දමළ ජනයා 60,000ක් පමණ මේ වනවිටත් තමන්ගේ නිසි අනන්‍යතාව සොයමින් සිටින බව ඉන්දීය ලේඛකයා කියා සිටියි. සත්‍ය ලෙසම ඔහු මෙම ලිපිය ලියා තබන්නේ පුළුල් ගවේෂණයකින් පසුවය. සැබැවින්ම මෙලෙස තවමත් විශාල ප්‍රමාණයක් දමිළ ජනයා දකුණු ඉන්දියාවේ (තමිල්නාඩුවේ) සරණාගත කඳවුරුවල ජීවත්ව සිටින්නේ නම් ඒ තත්ත්වයට වගකියන්නේ කවරෙක්ද? අවුරුදු 40ක් ගතවී තිබියදීත් සමහර විට මෙම තත්ත්වයට එක් හේතුවක් වී ඇත්තේ එම සමහර දමිළ ජනයා කැමැත්නේම ඉන්දියාවේ ජීවත්ව සිටිනවා වෙන්නට ඇතිය. එසේම අනෙක් අතින් සිතිය හැක්කේ ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ ජීවත් වීමට නිසි පහසුකමක් නොමැති වීම වන්නට ඇතිය. එනම් ගේදොර, රැකියා, වතුපිටි, දරුවන්ගේ පාසල් ආදී විවිධ අත්‍යාවශ්‍ය පහසුකම් මෙරටදී සොයාගැනීමේ අපහසුතාවයි. කෙසේ හෝ තමිල්නාඩුවේ ඉහත සිටින පිරිසගෙන් සැලකිය යුතු පිරිසකට ඉන්දීය පුරවැසිභාවයද හිමිව ඇත. එසේම එසේ නොලැබුණු විශාල පිරිසක්ද වෙති. ඒ කෙසේ වුවද ඔවුන් බහුතරයක් තවද පවුල් වශයෙන් ජීවත්ව සිටින්නේ ඉන්දීය රජය විසින් සාදා දී ඇති සරණාගත නිවාස සංකීර්ණවලය. මෙම නිවාස බොහොමයක් තනි නිවාස වශයෙන් ඉදිකර තිබෙයි.

මෙම සුවිශේෂ ලිපිය ලියා තබන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතේ මාධ්‍යවේදී විනෝත් කුමාර් එය සකසන්නේ යටකී සරණාගත කඳවුරුවල ජීවත්වන ජනතාව සමග සාකච්ඡා කරමින් බව පෙනී යයි. එසේම ඔහු ඉන්දියාවේ රාජ්‍ය අංශවල වගකිව යුත්තන්ගෙන්ද නිල දත්ත ලබාගෙන එම ලේඛනය සකස් කර ඇත. ඔහු තම මාධ්‍ය වාර්තාව තුළින් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියි. එම විශ්ලේෂණය සොයා බලමු.

‘මෙලෙස තමිල්නාඩුවේ පිහිටුවා තිබෙන සරණාගත කඳවුරු 106ක සිටින 60,000ක් වන ශ්‍රී ලාංකික දමිළ ජනයා යහපතට සහ අයහපතටද මුහුණ දී සිටින අයුරු නිරීක්ෂණය කළ හැකියි. නිල දත්තවලට අනුව ශ්‍රී ලාංකික දෙමළ ජනයා අදියර හතරකින් තමිල්නාඩුවට සංක්‍රමණය වූ ආකාරය දැකිය හැකිය. එම අදියර හතර මෙසේය.’

වසර 1983 – 1987 / පුද්ගලයන් 1,34,053
වසර 1989 – 1991 / පුද්ගලයන් 1,22,078
වසර 1996 – 2003 / පුද්ගලයන් 22,418
වසර 2006 – 2012 / පුද්ගලයන් 24,281

‘ඒ අනුව බලන විට 1983 සිට 2012 දක්වාම මෙම සංක්‍රමණයන් සිදුව තිබෙනවා. එම කාලයෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවූ සංක්‍රමණයක් ගැන වාර්තා වන්නේ නැහැ. මෙයින් පෙනීයන්නේ මෙම සංක්‍රමණයන් හුදෙක්ම ජනවාර්ගික යුද්ධය හේතුවෙන් සිදුවූ බවයි. රටකින් තවත් රටකට පැමිණෙන සරණාගතයන්ට නීතිමය රැකවරණය, අයිතිවාසිකම් සහ අනෙකුත් මානුෂික ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සරණාගතයන්ගේ තත්ත්වය සම්බන්ධ සම්මුතිය 1951 වසරේදී හඳුන්වා දී තිබෙනවා. අද වනවිට ලෝකයේ රටවල් 149ක් මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන් වේ. පරිපාලන මට්ටමින් මෙම දමිළ ජනතාව සරණාගතයන් ලෙස හැඳින්වුවද ඉන්දීය – 1955 පුරවැසි පනතේ 2(1) (ආ) වගන්තියට අනුව මෙම පිරිස් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. පනතට අනුව ‘නීති විරෝධී සංක්‍රමණිකයකු’ යන්නෙන් අදහස් කරන්නේ ඉන්දියාවට ඇතුළු වූ විදේශිකයකු වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ ඒ වෙනුවට නීතියක් මගින් හෝ නියම කර ඇති වෙනත් ලියවිල්ලක් හෝ නොමැතිව සිටීමයි. මෙම සරණාගත පිරිස් සඳහා ආහාරපාන, නිවාස, බෙහෙත්, අධ්‍යාපනය, රැකියා ආදිය සපයා දුන්නත් ඔවුන්ට අනෙක් නිදහස වැනි මූලික අයිතිවාසිකම් සඳහා ප්‍රවේශ වීමට අපහසු වෙනවා. කෙසේ වෙතත් දශක 4ක (වසර 40) දිගු කාලය තුළ මෙම සමහර සරණාගතයන් ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ තත්ත්යක් තිබුණත් මෙම සරණාගතයන්ගේ දරුවන් උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසෙන විට ඔවුන් වෛද්‍ය විද්‍යාව වැනි උසස් අංශයන්හි අධ්‍යයනය ලබාගැනීම තහනම් කර තිබෙනවා. ඉංජිනේරු විද්‍යාව සඳහාත් සීමිත කෝටාවක් ලබාදී තිබෙන්නේ. එම දරුවන්ට අනෙක් අංශවල පමණක් අධ්‍යාපනය හැදෑරිය හැකියි. සරණාගත කඳවුරුවල ජීවත්වන තුන්වැනි පරම්පරාව තමයි මේ දරුවන්. එහෙත් සරණාගතභාවය හේතුවෙන් මෙසේ මූලික අයිතිවාසිකම් අහෝසි වී තිබෙනවා. ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට නම් ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැරිය යුතුයි…’

ඉන්දීය මාධ්‍යවේදියාගේ මෙම විශ්ලේෂණය බොහෝ දීර්ඝ එකකි. එහෙත් ඒ සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩක් නැත. එසේ වුවත් අවැසි කතාව පමණක් ඉතා පැහැදිලිව ලියා තැබුවෙමි. වාර්ගික යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව මුහුණ දුන් මෙම තත්ත්වය සැබැවින්ම ඛේදාන්තයක් වනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොටි වටකොට සිටි වන්නි මහ කැලයේ රැයක්! හමුදාපති පැය 24න් වැඩට බහී! කඳුළු කතාවේ නිමක් දුටුව දා…! Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ කතරගම දේවාලයේ ආදායම මිලියන 400ක්! ඒ මුදලින් මිලියන 176ක් වියදම් කරලා අපේක්ෂා රෝහලේ දරුවන්ට හදලා දීපු ඇට මිදුළු බද්ධ රෝහල විවෘත වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.