කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
අද (25) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වේ.
වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










