ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (එල්.ආර්.සී) නිළධාරීන් 396 දෙනෙකු, පර්චසයක් රුපියල් දහසක් වන මිලකට පර්චස් විස්ස බැගින් රජයේ ඉඩම් බෙදාගෙන ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන විගණනයකින් හෙළි වී තිබේ. Sri Lanka Latest News
මෙම නිළධාරීන් මෙසේ ඉඩම් බෙදා ගෙන ඇත්තේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වසර පහක් සේවය සම්පූර්ණ කරන තැනැත්තෙකුට ලැබිය යුතු අනිවාර්ය අයිතිවාසිකමක් ලෙස සලකමිනි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ වගන්තියක් වැරදි ලෙස අර්ථ කථනය කර ගනිමින් ඔවුන් මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.










