දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව (පෙ.ව.10.00) අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 355 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News
එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.
අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පවුල් සංඛ්‍යාව 59,266 ක් වන බවත්, අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 209,568 ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.










