මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ සිටි තරුණ තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
ප්‍රසංගය නැරඹීම සඳහා 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති බව ද වාර්තා වේ.
මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 31 දෙනා සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුවන් අද (02) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.










