පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.Sri Lanka Latest News
මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
“වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. නමුත් අපේ විශ්වවිද්‍යාල මේ වෙනවිට 11ක් තියෙනවා. ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. අපි ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිටවෙන කණ්ඩායම් ලෝකයටත් අපිට දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. මම සෞඛ්‍ය ඇමති විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහිකරන්න අවසරය දීලා තියෙනවා. ඒ අය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.”










