ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තමන් වෙත පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නොවැම්බර් මස 20 වන සිකුරාදා දින නිකුත් කොට තිබේ.
ත්‍රීවිධ හමුදාවන්ට අදාළ විෂයන් හා ආයතනවලට අතිරේකව මෙතෙක් වෙනත් අමාත්‍යවරුන් වෙත පවරා තිබු විෂයන් හා ආයතන රැසක් ද මෙම ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ගෙන තිබේ.











