පසුගිය වසරේ දී මෙරට දරුවන්ගෙන් දෙසියකට වඩා වැඩි පිරිසක් සියදිවි නසාගෙන ඇතැයි වාර්තාවන බව, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි. Sri Lanka Latest News
මෙම ඇතැම් මරණවලට සමාජ මාධ්‍යය විසින් ඇති කරන ලද හේතූන්ද බලපා ඇතැයි ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
මෙහිදී දරුවන් ලෙස හදුනා ගනු ලබන්නේ වයස අවුරුදු 18 ට අඩු වයස් ඛාණ්ඩයයි.
2022 වසරේ දී දරුවන් 133 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති අතර, නිල නොවන සංඛ්‍යා දත්ත අනුව, 2023 වසරේ දී එම සංඛ්‍යාව දරුවන් 270 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇත-ුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.










