රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. (Sri Lanka Latest News)
රජයට අයත් හෙක්ටයාර් 249843ක් එම වැවිලි සමාගම් වෙත අවුරුදු පනස් තුනක කාලයක් සඳහා බදු කුලී පදනම මත පවරාදී තිබූ බව එහි දැක්වේ.
කුරුණෑගල සමාගමකින් පමණක් 2023 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 32 කට වැඩි මුදලක් රජයට අයවිය යුතුව තිබූ අතර ඉන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට හිඟව පැවතුණ බව පැවතුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
වර්තමානයේ දී ශුද්ධ වත්කම් අඩු වී ඇති බව පවසමින් එම සමාගම වසරකට ගෙවිය යුතු බදු මුදල අඩුවෙන් ගෙවා ඇතැයි වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව නිකුත් කර ඇති වාර්තාවේය.










