ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය. (Sri Lanka Latest News)
රාජ්‍ය ආයතන රැසක්ද විනිසුරුවරුන් කිහිප දෙනෙකුද මෙම නිවාස ඉල්ලා මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව ඒවායේ වටිනාකම් පිළිබඳව මේ දිනවල තක්සේරුවක් කරගෙන යන බවයි.
එම තක්සේරුවෙන් අනතුරුව එම බංගලා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා එම ඉල්ලීම් කිසිවක් මෙතෙක් සලකා බලා නැතැයිද සඳහන් කළේය.
රට පුරා ජනපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු බංගලා 9 ක් පවතී. කොළඹ මහනුවර නුවරඑළිය අනුරාධපුර කතරගම යාපනය ඇඹිලිපිටිය බෙන්තොට සහ මහියංගනය යන ප්‍රදේශවල මෙම ජනපති බංගලා පිහිටා ඇත.සමහර ඇමති බංගලා පාවිච්චියට ගත නොහැකි අන්දමට ජරාවාස වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.මේවා පිළිසකර කිරීමට මූල්‍යමය ගැටලුවක් පවතින බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
lankadeepa










