පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. (Sri Lanka Latest News)
එසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.
පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතන වලට අයත් වාහන මෙසේ වරින් වර අතුරුදන්ව ඇති අතර එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාල සීමාවේදී වැරදි ආකාරයෙන් පාවිච්චි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් පාවිච්චි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස් එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණයවී නැතැයි වාර්තාවේ.
දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.
lankadeepa










