• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පවුල් පිටින් සජබයට – කලාවැවෙන් පෙරට’! පොහොට්ටුවේ-ශ්‍රීලනිපයේ-ජවිපෙ සාමාජිකයන් 2000ක් සජිත්ගේ අතින් සාමාජිකත්වය අරන් පවුල් පිටින් සජබයට එක්වෙයි! අලුත් සාමාජිකයන් බඳවාගන්නම සජිත්ට තලාවේ විශේෂ රැස්වීමක් තියන්න වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

බංකොලොත් රට තුළ ඉවක් බවක් නොමැතිව පොරොන්දු ලබා දී ජනතාව මංමුලා කරන ප්‍රතිපත්ති අප පොදුවේ ප්‍රතික්ෂේප කළ යුතු බවත් සහන දෙන්නට ඇති මුදල් ප්‍රමාණය අතිශයින්ම සීමා සහිත බැවින් මෙම සීමාසහිත වපසරිය තුළ රටේ නායකයන්ගේ දක්ෂතා අනුව බංකොලොත් රටට අලුතින් ආයෝජන, මුදල් හා ප්‍රතිපාදන ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බවත් විපක්ෂයේ සිට සමගි ජන බලවේගය එය මේ වන විටත් ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.Sri Lanka Latest News

විපක්ෂයේ පක්ෂවල ලස්සන කතා කියන නායකයෝ සිටියත් රටට අවශ්‍ය කතාව හෝ සෝබනය හෝ සැණකෙළි නොව වැඩ බවත් රටට අවශ්‍ය සෝබනය සැණකෙළිය රගපෑම නම් එයට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය රටේ ජනතාවගේ ගැටලු, ප්‍රශ්නවල විසඳුම් උත්තරය නම් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ඒමේ මාර්ගය නම් සමගි ජන බලවේගය එය ලබා දීමට ඊට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) තලාව පොළ භූමියේ දී සමගි ජන බලවේගය සඳහා නව සාමාජිකයන් 2000ක් බඳවා ගැනීමේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක් වූ අවස්ථාවේදීය. කලාවැව ආසනයේ සුරංග රත්නායක මහතාගේ මූලිකත්වයෙන් මෙම ජනහමුව කැඳවා තිබුණි. මෙහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක බහුතරයක් සාමාජිකයන් මෙසේ සමගි ජන බලවේගය හා එක්විය.

2019 ගෙනා සද්ධන්ත වීරයා කාඩ්බෝඩ් වීරයෙක් වුණා

2019 දීත් තමා ඇත්ත කතා කළ බවත් ජන දුක තමාගේ දුක බවට පත් කර ගැනීමට කටයුතු කළත් රටට සද්ධන්ත වීරයෙක් අවශ්‍ය බවට වීරයෙක් ගෙන ආවත් අවසානයේ ඔහු කාඩ්බෝඩ් වීරයෙක් වී රට බංකොලොත් කළ බවත් මේ වන විට කයිය ගහන නායකයෝ කොට්ඨාසයක් කයිය ගහමින් කිසිදු ගැටලුවකට විසඳුමක් නොමැතිව ජනතාව අතරට එන බවත් ඔවුන් ද කාඩ්බෝඩ් වීරයෝ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

2019 වගේ සෝබන බොරු කාරයන්ට නම් ආයේ රැවටෙන්න එපා

එම නිසා 2019 මෙන් සෝබනයට නොරැවටෙන ලෙසත් බොරු රැළි, කයිවාරුවලට නොරැවටෙන ලෙසත් රටට අවශ්‍ය කියන දේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන නායකයකු බවත් කයිය නායකයෝ රටට අවශ්‍ය නොවන බවත් දෙවැනි පාරත් කාඩ්බෝඩ් වීරයන්ට රැවටුනොත් රට තවත් විනාශ වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මම වගකීම් බාර නොගත්තේ හොරු රකින්න බැරි නිසා

පසුගිය දා ජනාධිපතිවරයා විසින් විවිධ වීඩියෝ පට පෙන්න පෙන්න තමා වගකීම බාර නොගත් බවට කයිවාරු ගැසූ බවත් එසේ තමා හොරු රැලට එකතු වුණා නම් වත්මන් ජනාධිපතිවරයා හොරු රැළ සමඟ එකතු වී කෙහෙළිය රඹුක්වැල්ල රකින්නට අත ඉස්සුවා සේ තමාටද අත ඉස්සීමට සිදුවන බවත් එම නිසා රට විනාශ කළ පොහොට්ටු හොරු සමඟ කිසිදු ගණුදෙනුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රනිල් හොරු රැක්කට සජිත් හොරු රැකින්නේ නැහැ

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ හොරු රැළ රකින්න කටයුතු කළත් සජිත් කවදාවත් රාජපක්ෂ හොරු රැළ රකින්න කටයුතු නොකරන බවත් තමා හොරු අල්ලා ඔවුන්ගෙන් රටට හිමිවිය යුතු වන්දි නැවත ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෝඩ පාලකයකුගේ අමනෝඥ තීන්දු නිසා රටම අසරණ වුණා

මෙරට මහා වාරි, මධ්‍ය වාරි හා සුළු වාරි ඇතුළු මහවැලි වාරි පද්ධතිය තුළ ගොවිතැන් කටයුතු කරමින් මෑත කාලයක් වන තුරු ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් කාටවත් යටත් නොවී අත නොපා අභිමානවත් ජීවිතයක් ගත කළ ජන කොට්ඨාසයක් මේ බල ප්‍රදේශයේ සිටින බවත් අමනෝඥ තීන්දු තීරණ රැසක් ගෙන මේ රටේ බහුතරයක් ගොවි ජනතාවම පත් කර ගත් නායකයකු නිසා ගොවිතැන, ගොවියා, කෘෂිකර්මාන්තය විනාශ වූ බවත් ඒ නිසා කුඩා දරුවා, ගර්භනී මව, ළමා පරපුර, දරු පරපුර, තරුණ හා වැඩිහිටි පරපුර මෙම අමනෝඥ තීන්දු හරහා මහා ඛේදවාචකයක ගොදුරක් බවට පත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නිවැරදි ගමනක යමු

අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නිවැරදි ගමනක්, ජනහිතකාමී, ජනතාවාදී ගමනක් යන්නට පෙළ ගැසී ඇති නිසා සමගි ජන බලවේග රජයක් තුළ අපේ රටේ කෘෂිකර්මාන්තයට සුපුරුදු විජ්ඡා සහගත පොරොන්දුවලින් ගොවිජනතාවගේ මනස විකෘති කරනවා වෙනුවට සත්‍යවාදී යථාර්ථවාදී නූතනවාදී කෘෂිකර්ම සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ තුලින් ජාතික කෘෂිකර්ම සංවර්ධන සැලසුමක් දියත් කර ඒ හරහා ජන ජීවිත ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! ප්‍රධාන මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ! මගේ අදහස නම් ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් තියන්න ඕනෑ! ලංකාවට ආ බැසිල් පළමු වතාවට මාධ්‍යයට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වංචා දූෂණ නතර කරනවා කියලා IMF එකත් එක්ක ගිවිසුම් ගැහුවා! අපි IMF එකට කිව්වා ඔයාලා දූෂණය නවත්වන්න මොන ගිවිසුම් ගැහුවත් ආණ්ඩුව අන්තිමේදී කෝප් සභාපතිකම චෝදනා තියෙන කෙනෙක්ටම දුන්නා කියලා! එහෙම කෙනෙක්ව පත්කරලා හොරු අල්ලන්න පුළුවන්ද? රනිල් ලෝකෙටම දීපු ආදර්ශය මේකද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.