මහාධිකරණ විනිසුරුවරයෙකු මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරයන් ඇතුළු අධිකරණ සේවා කොමිසමේ නිළධාරීන් විසි දෙනෙකු විෂමාචාර චෝදනා මත සේවයෙන් පහකර හෝ වැඩ තහනමට ලක්කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
විෂමාචාර චෝදනා එල්ල වී තිබෙන මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
අධිකරණ සේවයේ නියුතු අයට එරෙහිව ඉදිරිපත්ව තිබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
චෝදනාවන්ට වරදකරුවන් වී ඇති විශ්‍රාම යාමට ආසන්නව සිටින අයට විශ්‍රාම යාමේ අවස්ථාව ලබා දී තිබේ.
දූෂණය වැනි බරපතල චෝදනා එල්ල වී ඇති අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ඉදිරිපත් කර පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඔවුන් එම චෝදනාවන්ට වරදකරුවන් වුවහොත් අගවිනිසුරුගේ සභාපතිත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිසන් සභාව ඔවුන් සේවයෙන් ඉවත් කරනු ඇත.










