20 වැනි සංශෝධනයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇත.
20 වන සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබේ.
එමෙන්ම 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා පත් කළ කමිටුවේ වාර්තාවද අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නැත.
ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එය අනවශ්‍ය බවත්, කලින් සැලසුම් කළ පරිදි 20 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය කාරක සභා අවස්ථාවේදී සිදු කළ හැකි බවත්ය.
කෙසේවෙතත් 20 වන සංශෝධනයේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර සිය විරෝධය පළ කොට ඇති බවද දැනගන්නට ඇත.










