පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා හට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් ලිපියක් යොමු කොට ඇත.
ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාළ ලිපිය මගින් දොලවත්ත මහතාට යම් අවවාද කිරීමක් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දොලවත්ත මහතා ව්‍යවස්ථා සංශෝධනයේ ඒකීයභාවය සම්බන්ධ වගන්ති පිළිබද ප්‍රශ්න කර තිබිණ.










