මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා හට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට අවස්ථාව ලබා දීමෙන් වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 යන වගන්ති උල්ලංඝනය කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
පාර්ලලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දුන්නේය.
මෙහිදී කතානායකවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් ක්‍රියාත්මක කළේ අධිකරණය ලබා දුන් තීන්දුව බවය.
නමුත් විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියේ එවැනි අවස්ථාවලදී හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ලබා දුන් පූර්වාදර්ශ මත පිහිටා කටයුතු කිරීමට කතානායකවරයාට ශක්තියක් තිබිය යුතු බවකි.